Tuesday, August 25, 2026
Follow Us
අවසර නැතිව දකුණට යන වාහන නැවත හරවයි

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමත් සමග දක්ෂිණ අදිවේගී මාර්ගය ඔස්සේ දකුණු පළාතට ගමන් කරන රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් වැලිපැන්න පිවිසුමේ දී සිදු කිරීමට අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය ආරම්භ කර ඇත. ඒ අනුව අධිවේගී මාර්ගය වැලිපැන්න පිවිසුම අසලින් තාවකාලිකව වසා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහන වැලිපැන්න පිවිසුම හරහා ගමන් කිරීමට සලස්වා පරීක්ෂා කිරීම සිදු කෙරේ.

පසුගිය මස 30 සහ 31 දිනවල දී බස්නාහිර පළාතෙන් නිසි අවසරපත් නොමැතිව දකුණු පළාතට ගමන් කිරීමට පැමිණි වාහන 66ක් ආපසු හරවා යැවීමට කටයුතු කෙරිණි.

(Aruna)