Thursday, February 19, 2026
Follow Us
බස්නාහිර කොරෝනා අවධානම වැඩී

කොවිඩ් 19 වෛරසයේ ආසාදිත පොකුරු බස්නාහිර පළාතේ පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල ජනතාවද සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“රෝගයේ ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවෙනවා. මෙම පොකුරු බස්නාහිර පළාත තුළ පැතිරී තිබෙනවා. ඒ නිසා බස්නාහිර පළාතේ ජීවත්වන අය වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා.” යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

(Aruna)