Thursday, February 19, 2026
Follow Us
සංචාරක වෙළඳුන් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අවධානය

බේකරි ඇතුලූ සංචාරක වෙළදාමේ නිරතවන පුද්ගලයින් නිරෝධායන රීති සහ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් නිරෝධායන රීති අනුගමනය නොකරන බවට තොරතුරු වාර්තා වන බවයි.

එවැනි සංචාරක වෙළදුන් කටයුතු කරන ආකාරය පිළිබඳ ඉදිරියේදී දැඩිව විමසිල්ලෙන් පසුවන බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ බේකරි ඇතුලූ සංචාරක වෙළදාමේ නිරතවන පුද්ගලයින්ගෙන් ආහාර මිලදී ගැණිමේදී ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.


(Neth)