Thursday, February 19, 2026
Follow Us
බස්නාහිරින් පිට ගිය අය දින 14ක් නිරෝධායනයට

පසුගිය දින දෙක තුළ (29 සහ 30) බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින් දැනට නවාතැන්ගෙන සිටින ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය තුළ බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ අදහස් පළකර යම් යම් ලිපි පළකළ අය සම්බන්ධයෙන් ද මේ වන විට අන්තර්ජාලය හරහා මෙහෙයුමක් දියත් කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)