Thursday, February 19, 2026
Follow Us
පාර්ලිමේන්තු ආවරණය කළ මාධ්‍යවේදීන්ට නිරෝධායනය වෙන්නැයි දැනුම් දෙයි

පසුගිය ඔක්තෝම්බර් මස 21 හා 22 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයෙහි සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන්ට වහාම ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එලෙස ස්වයං නිරෝධායනය වන මාධ්‍යවේදීන් තමන් ස්වයං නිරෝධායනය වෙන ස්ථාන සම්බන්ධයෙන් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටිනවා.

(Neth)