Thursday, February 19, 2026
Follow Us
ඇදිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීම පොලිස් ස්ථාන වලින් ඉවතට

බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවත් ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් නිකුත් කිරීමට අවසර ලබාදී නැහැ.

මානූෂීය හේතූන් මත ඇදිරි නීති බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලින් පමණක් බවයි පොලිස් මූලස්ථාන ආරංචි පැවසුවේ.

එමෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනයට අවශ්‍ය ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කෙරෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

(Neth)