කොවිඩ්19 වෛරස වසංගතය රට පුරා දිස්ති‍්‍රක් විසිතුනක් දක්වා පැතිර යමින් ඇතිවී තිබෙන භයානක තත්ත්වය හමුවේ පෑලියගොඩ පිහිටි මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතුවූ කොරෝනා පොකුරේ පැතිරීම පාලනය කර ගැනීමට ඊයේ (29 වැනිදා) දිනය වන විටත් සෞඛ්‍ය බලධාරීහු දැඩි වෙහෙසක් ගනිමින් සිටියහ.
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ඊයේ මධ්‍යම රාති‍්‍රයෙන් ආරම්භ කෙරුණු බස්නාහිර පළාතටම කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සමග දැඩි ලෙස සංචරණයන් වළක්වා ගනිමින් ඇඳිරි නීතිය කඩකරන සහ නිරෝධායන රීතීන් උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික කි‍්‍රයාමාර්ග ගැනීමට පොලිසිය හා ආරක්‍ෂක අංශ ක්‍රියා කරන බව පැවසේ.
උද්ගතව ඇති තත්ත්වය තුළ පෑලිගොඩ කොවිඩ්19 වෛරස පොකුරට සමගාමීව යම්ලෙසකින් තවත් පොකුරක් නිර්මාණය වුවහොත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඊයේ අවධාරණය කළේය.
එවැනි තත්වයක් උද්ගත වුවහොත් මුළු රටම බරපතළ අපහසුතාවකට මුහුණ දෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා අවධාරණය කරයි.
(Lanka Leads)