Thursday, February 19, 2026
Follow Us
කොරෝනා රෝගීන් පිරිසක් ඉවත් කරන්නැයි ඉල්ලා වෛද්‍යවරු සහ හෙදියෝ වැඩ වර්ජනයක

හම්බන්තොට කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇති හම්බන්තොට පැරණි රෝහලේ වෛද්‍යවරුන් හා හෙද සේවක සේවිකාවන් කිහිපදෙනෙකු ඊයේ (28 වැනිදා) පස්වරුවේ වැඩ වර්ජනයක නිරත වූහ.

හම්බන්තොට කොරෝනා රෝගී වාට්ටුවක සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල කඩිනමින් ලබා නොදුන් බව පවසමින් රෝගීන් කිහිප දෙනෙකු කලහකාරී ලෙස හැසිරීම නිසා එම රෝගීන් රෝහලෙන් ඉවත් කර වෙනත් රෝහලකට මාරු කර යවන ලෙස ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරුන් හා හෙද සේවක සේවිකාවන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර තිබිණි.

(Lanka Leads)