Thursday, February 19, 2026
Follow Us
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9000 දක්වා අද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 211 ක් වාර්තා වීමත් සමගයි.

අද දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු ආසාදිතයින් 202 දෙනා ආශ්‍රිතයින් වන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එලෙස වාර්තා වූ ආසාදිතයින් 211 දෙනා ගෙන් 140 දෙනෙකු මේ වන විට නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවලින් වාර්තාවී ඇත.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5607ක් දක්වා ඉහළට.

(Neth)