Thursday, February 19, 2026
Follow Us
ගම්පහ කොවිඩ් සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙනවා

ගම්පහ දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙමින් තිබෙන බවද හෙතෙම පැවසීය.

මහජනතාව රෝගය පාලනය කර ගැනීමට ගන්නා උත්සහයන් පිලිබදව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි යැයිද බාලසූරිය මහතා සදහන් කළේය.

ඊයේ(26) දිනයේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ :

ගම්පහ – 54
මහර – 67
කැලණිය – 74
වත්තල – 08
මිරිස්වත්ත – 02
පෑලියගොඩ – 10
ජා-ඇල – 74
උඩුගම්පොළ – 01
ගණේමුල්ල – 02,
කදාන – 03
මිනුවන්ගොඩ – 09

(Aruna)