Thursday, February 19, 2026
Follow Us
පොලීසියේ 17කට කොවිඩ්

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 17දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10දෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පොලිස් නිලධාරින්ට කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් පොලිස් නිලධාරින් 400 දෙනෙකු පමණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන අතර තවත් පොලිස් නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

(Aruna)