Thursday, February 19, 2026
Follow Us
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 280 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද තවත් 265 දෙනෙකු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4678ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8152ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3933 ක් වනවා.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4219 ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Neth)