Thursday, February 19, 2026
Follow Us
පොලිස් නිලධාරීන් දෙදෙනා දොස්තරටත් කොවිඩ් දීලා

කොස්ගොඩ පොලිසියේ 60කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (25 වැනිදා) නිරෝධායන කටයුතු සඳහා යොමු කොට ඇත.

අහුංගල්ල ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකින් කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහි වෛද්‍යවරයාට සහ ඔහුගේ බිරියට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් කොස්ගොඩ පොලිසියේ සියලුම නිලධාරීන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.​ කොස්ගොඩ පොලිසියේ රාජකාරි කටයුතු සඳහා ඇල්පිටිය කොට්ඨාසයේ වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනියුක්ත කර ඇත.

(Aruna)