Thursday, February 19, 2026
Follow Us
ගාල්ල තැපැල් කාර්යාලයට කොවිඩ් රෝගියෙක් ඇවිත්

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොවිඩ් රෝගියෙක් පැමිණ ඇතැයි ලැබුන තොරතුරක් මත මේ වනවිට වසා දමා ඇත. අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා සඳහන් කරනවා.

තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින අතර සෞඛ්‍ය උපදෙස් අනුව කාර්යාලයේ කටයුතු නැවත ආරම්භ කරන බව ද ඔහු සඳහන් කරනවා.

(Aruna)