Thursday, February 19, 2026
Follow Us
බේරුවල ධිවර වරාය වසා දැමේ : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට මසුන් රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි බේරුවල ධීවර වරායේ කලමණාකාර එඩ්වඩ් දයාමාල් අද (23) තහවුරු කර සිටියා.

ඊයේ (22) බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 100 දෙනෙකු සදහා සිදුකල පී සී ආර් පරීක්ෂණ වලින් එය තහවුරු වූ බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය සඳහන් කර සිටියේ.

ඇතිවූ මෙම තත්ත්වය හේතුවෙන් අද දිනයේ සිට බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බවයි වරාය කලමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)