Thursday, February 19, 2026
Follow Us
පිටකොටුව 4වන හරස්වීදියේ සේවකයන් 4කට කොවිඩ්

කොළඹ පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ PCR පරීක්ෂණ සිදු කර ඇත.

එම PCR පරීක්ෂණය මඟින් එම ආසාදිතයින් සිව්දෙනා හදුනාගෙන ඇත.

මේ වන විට එම ව්‍යාපාරික ස්ථානයේ සිටි සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රීතයින් 35 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

(Aruna)