Thursday, February 19, 2026
Follow Us
මතුගමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී අයුරු බලධාරීන් සොයා ගනියි

මතුගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කෙරුණු ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප‍්‍රදේශවලට නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ මූූලාශ‍්‍රය සෞඛ්‍ය අංශ මගින් හෙලි කරගෙන තිබෙනවා.

කළුතර දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ පැවසුවේ පසුගිය දිනවල අනුරාධපුර ප‍්‍රදේශයේ වන්දනා ගමනකට එක්වූ කණ්ඩායමකට එම වෛරසය ආසාදනය වී ඇති බවයි.

හුදෙකලා කෙරුණු ගම්මානවල පදිංචි මෙවර උසස්පෙල විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගයට පෙනී සිටීමට බාධාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

(Neth)