Thursday, February 19, 2026
Follow Us
කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා

කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු කුලියාපිටියෙන් හමුවීමත් සමග ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට කටයුතු කර ඇත.

මෙලෙස සංචරණ සීමා පනවා ඇති ගම්මාන 04 වන්නේ ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යි.

කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

එම මංගල උත්සවයේ මනාලයාට ද පසුගිය 12වැනි දා වෛසරය ආසාදනය වී තිබුනා.

මංගල උත්සවයක මනාලයා ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැනීමට හැකි වුවා.

(Aruna)