Wednesday, February 18, 2026
Follow Us
පුද්ගලයින් 265ක් නිරෝධායන ඇදිරි නීති කඩ කර පොලිස් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධයන ඇදිරිනීතිය කඩ කළ පුද්ගලයින් 53ක් පොලිස් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අත් අඩංගුවට පත්ව ඇති සමස්ත ගණන 265කි. වාහන සංඛ්‍යාව 48කි. මෙතෙක් දිනකට වැඩිම අත් අඩංගුවට ගැනීම් 53ක සඞඛාව බව අජිත් රෝහණ මහතා පවසයි. මෙම පිරිස සීදූව,ගම්පහ, දොම්පේ යන ප්‍රදේශවලින් අත් අඩංගුවට ගෙන තිබේ.

තවදුරටත් නිරෝධයන ඇදිරිනීතිය ක්‍රියාත්මක බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,සැමවිට නිරෝධායන නීතීවලට ගරු කරමින් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙස මහජනතාවට දන්වා සිටියේ ය.

(news.lk)