Friday, April 10, 2026
Follow Us
පොලොන්නරුව රෝහලේ වාට්ටුවක් වැසෙයි

නව කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදෙකලා කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව හදිසි ප‍්‍රතිකාර සඳහා හැර එම රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා ඇති බවයි රෝහල් පාලනාධිකාරීය පවසන්නේ. එම රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.

(NEth)