Friday, October 09, 2026
Follow Us
මාළු වෙළෙන්දියකටත් කොරෝනා

රත්මලාන ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත කාන්තාවක් ඊයේ(16) සොයා ගෙන ඇත.

රත්මලාන කඳවල පාර, සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය ඉරිදා පොළේ මාළු වෙළදාමේ නිරත වූ කාන්තාවක් බව සෞඛ්‍ය අංශ පවසයි.

ආසාදිත කාන්තාව සොයා ගැනීමත් සමඟ ඇයගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

(Aruna)