Monday, August 24, 2026
Follow Us
මිනුවන්ගොඩ කෝවිඩ් පොකුරට තවත් ආසාදිතයින් 49ක්

කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,770 කි.

(Lanka Leads)