Wednesday, February 18, 2026
Follow Us
කොළඹ නගර සභා සේවකයෙකුටත් කොරෝනා

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති කොළඹ නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකුද හඳුනාගෙන තිබෙනවා. අදාල පුද්ගලයා නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවය කරන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

අදාල ආසාදිතයාගේ සමීපතම ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණය සඳහා භාජනය කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් නගර සභාවට අයත් සියලු දෙපාර්තමේන්තු හුදෙකලා කර ඇති අතර කිසිවෙකුටත් එම ආයතනවලට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

(LNW)