Wednesday, February 18, 2026
Follow Us
කොවිඩ් විභාග දෙපාර්තමේන්තුවටත් යයි

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම මත බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවද වසා දැමීමට පියවර ගෙන ඇත.

මෙම ශාඛාවේ නිලධාරිනියකගේ සැමියකුට වයිරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වීමෙන් පසු විමර්ශන ශාඛාව වසා දැමීමට පියවර ගත් බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය. වයිරසය විශාල වශයෙන් ව්‍යාප්තව පවතින මිනුවන්ගොඩ, ගම්පහ සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙපාර්තමේන්තුවට නොකැඳවන බවත් එම ආරංචි මාර්ග පැවසීය.

(Aruna)