Friday, April 10, 2026
Follow Us
කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් සේවකයින් 7 දෙනෙකුටත් කොරෝනා

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 07 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගරසභාවේ වසංගත රෝගවේදී වෛද්‍යවරිය පවසයි.

ඔවුන් 07 දෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වශයෙන් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමුකර සිටි අය බව සඳහන්.

(LNW)