Wednesday, February 18, 2026
Follow Us
රියාජ් බදියුදීන් පිළිබඳව සිදුකළ පරීක්ෂණ නිසි පරිදි සිදු වී නෑ… නීතිපති දන්වයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බද්යුදීන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ නිසි පරිදි සිදු වී නොමැති බව නීතිපතිවරයාපවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී මේ පිළිබදව දන්වා සිටි බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

(Lanka Leads)