Wednesday, February 18, 2026
Follow Us
ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල අද

ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ට සහ සංචිතගත ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්ට ඉකුත්දා සිදු කළ PCR පරීක්ෂණවල වාර්තා අද දිනයේදී නිකුත්වීමට නියමිතව තිබෙනවා.

මල්ලව පොර ක‍්‍රීඩකයෙකුගේ සමීපතමයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඉකුත්දා තහවුරු වුණා.

එම මල්ලව පොර ක‍්‍රිඩකයා, ක‍්‍රීඩා අමාත්‍යංශ පරිශ‍්‍රයේ පැවති දේශනවලට හා ක‍්‍රීඩා කටයුතුවලට සහභාගිවීම හේතුවෙන් එහි නිලධාරීන්ට සහ සංචිතගත ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ට මෙලෙස ඡුක්‍ඍ පරීක්ෂණ සිදු කළ බවයි ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළේ.

(Neth)