Wednesday, February 18, 2026
Follow Us
කොළඹ පෞද්ගලික බැංකුවක සේවකයෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි පිහිටි පෞද්ගලික බැංකුවක සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් එම බැංකු ශාඛාවේ සේවය කරනු ලබන සේවකයාගේ සමීප ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතින් හට රජයේ නිලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී ඇත.

මේ වන විට වසා ඇති එම බැංකු ශාඛාව හෙට දිනයේදී යළි විවෘත කිරිමට පියවර ගන්නා බවට බැංකු කළමණාකාරිත්වය දැනුම් දී සිටියි.

(NEth)