Wednesday, February 18, 2026
Follow Us
කොරෝනා ආසාදිත රෝගීන් 39ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 39 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 14 දෙනා ඇගළුම් කම්හලේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1346ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Neth)