Wednesday, February 18, 2026
Follow Us
බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර 1083 දක්වා ඉහලට

තවත් 14 දෙනෙකු කොවිඩ් -19 වෛරස් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන අතර අනෙක් 13 දෙනා අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඊයේ දිනයේදී හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 35කි. ඔවුන්ගෙන් 30 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා විය.

ඒ සමගම, මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් ගණන 1083කි.

(Aruna)