Wednesday, February 18, 2026
Follow Us
චාරිකාවේ ගිය හෙදිය නිසා සෙබළු 50ක් නිරෝධායනයේ

මිනුවන්ගොඩ කොවිඩ් වැලඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක දුම්රියෙන් යාපනයේ විනෝද චාරිකාවක ගොස් ඇතැයි හෙළිවීමත් සමග එම දුම්රිය මැදිරියේ ගමන්ගත් නාවික හමුදා සෙබළුන් පනහක් නිරෝධායනයට යොමුකර ඇත. යාපනය දඹකොළපටුනේ විනෝද චාරිකාවක් සඳහා මෙම හෙදිය දුම්රිය මැදිරියෙන් ගමන් කර ඇතැයි හෙළි වී ඇත.

මේ අනුව අදාළ දුම්රිය මැදිරියේ ගිය නාවික සෙබළුන් දඹකොළපටුන නාවික හමුදා කඳවුරේම නිරෝධායනයට යොමුකර ඇත. දුම්රිය මැදිරි​යේ ගමන්ගත් සෙසු පිරිස හඳුනාගැනීමට රාජ්‍ය බුද්ධි අංශය හා සෞඛ්‍ය අංශ එක්ව පියවර ගෙන තිබිණි.

(Aruna)