Wednesday, February 18, 2026
Follow Us
VIP ලයිට් සවි කිරීමට නීතියෙන් ප්‍රතිපාදන නැහැ - පොලිසිය කියයි

VIP ලයිට් හෙවත් ප‍්‍රභූ රථ සඳහා විශේෂ විදුලි පහන් සවි කිරීමට නීතියෙන් ප‍්‍රතිපාදන නොමැති බව පොලිසිය පවසනවා. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ යම් වාහනයක් ලියාපදිංචි කිරීමේදී, පවතින විදුලි පහන්වලට අමතරව අතිරේකව විදුලි පහන් සවි කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

ගිලන් රථ, ගිනි නිවන සේවා රථ සහ පොලිස් පෙර ගමන් රථ සඳහා පමණක් විශේෂ විදුලි පහන් සවි කිරීමට නීතියෙන් ප‍්‍රතිපාදන පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(Neth)