Wednesday, February 18, 2026
Follow Us
ගිනි ගත් "නිව් ඩයමන්ඩ්" නෞකාවට මෙරට මුහුදු සීමාවෙන් පිටව යෑමට අවසරය හිමිවෙයි

මීට මාසයකට පමණ ඉහතදී නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 35ක් පමණ ඈත මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවට මෙරට මුහුදු කළාපයෙන් ඉවත්ව යෑමට බලධාරීන් අවසර ලබාදී තිබෙනවා.

ඒ මෙම නෞකාවෙන් සාගර කලාපයට යලිත් ගැටළුවක් පැන නොනගින බවට ලබා දුන් සහතිකය මත පදනම් කරගෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙම නෞකාව දැනට පිහිටා ඇති මුහුදු කළාපයේ සිට යලිත් මැද පෙරදිග බලා රැගෙන යාමට අවශ්‍ය බව දන්වමින් නෞකාවේ හිමිකාරිත්වය දරණ සමාගම නාවික හමුදාව වෙත " නෞකාව පිටතට රැගෙන යාමේ සැලසුම" දැනුම් දී ඇති බවත් ඊට නාවික හමුදාව අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව බලා ඉන්ධන රැගෙන යමින් තිබු මෙම නෞකාව ඒ අනුව යළිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි කුර්ෆක්කාන් වරාය වෙත ඇද ගෙන ගොස් එහිදී වෙනත් නෞකාවකට ඉන්ධන මාරු කිරිමට නියමිතව ඇත.

(Neth)