Wednesday, February 18, 2026
Follow Us
ගිනිගත් ඉන්ධන නෞකාව ඉවත් කිරීමට අවසර දී නැහැ - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගැනීමට අවසර ලබා දී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ අදාළ නෞකාවෙන් ඉන්ධන කාන්දුවීම් නිසා සිදු වූ සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ තවදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කිරීමට ද එම අධිකාරිය කටයුතු කර තිබෙනවා. එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවා දැමීමට සිදු කළ මෙහෙයුම් සඳහා වන්දි ලෙස ශී‍්‍ර ලංකාව ඉල්ලා ඇති මුදල රුපියල් මිලියන 442 ක්. එම මුදල ගෙවීමට නෞකාව අයත් සමාගම එකඟතාව පළ කළ ද මෙතෙක් එය ගෙවා නොමැති බව ද වාර්තා වනවා.

 

(Neth)