Thursday, April 09, 2026
Follow Us
අපරාධ කල්ලි සාමාජිකයින් 25ක් රට පැනලා – 19කට රතු නිවේදන

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු මේ වන විට විදෙස්ගතව සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඉන් 19 දෙනෙකු සඳහා ජාත්‍යන්තර රතු නිවේදන මේ වන විටත් නිකුත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය මාස දෙකක කාලය තුළ අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පැවැත්වූ බන්ධනාගාර නිළධාරින් 08 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

(Lanka Leads)