Wednesday, February 18, 2026
Follow Us
උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර මත්කුඩු අලෙවි කළ පස්දරු මවක් ගාල්ලේදී අත්අඩංගුවට

උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කර මත්කඩු ජාවාරමක නිරත වූ 55 හැවිරිදි පස්දරු මවක් ගාල්ල, කන්දවත්ත ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගාල්ල පොලීසියේ කොට්ඨාස දූ ෂණ මර්දන අංශය විසින්. සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් පැකට් 45ක් සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

එලෙස පැකට් තුළ අසුරා තිබූ හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 5කට අධිකයි. සැකකාර කාන්තාවගේ සැමියා සහ පුත‍්‍රයෙකු මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේවනවිටත් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටිනවා.

(Neth)