Wednesday, February 18, 2026
Follow Us
හමුදාවට ජිනීවා වේවැල පෙන්වන්න දෙමළ දේශපාලකයෝ යටි උගුලක

ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු යැයි දක්වන තවත් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක තානාපතිවරුන් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වීම නිසා 30/1 ජිනීවා යෝජනාව ඉදිරියට ගෙන යෑමේ දුෂ්කරතා මතුවී ඇතැයි මෙම ද්‍රවිඩ දේශපාලකයන් පිරිස එම තානාපතිවරුන්ට පෙන්නුම් කරදී තිබේ.

46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව 2021 මාර්තු මස පැවැත්වෙන නිසා නව යෝජනාව කෙටුම්පත් කරන ලෙස ද්‍රවිඩ දේශපාලකයන් පිරිස එම තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

බි‍්‍රතාන්‍යය, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, කැනඩාව, මැසිඩෝනියාව යන රටවල් තවදුරටත් ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කරන බව හෙළි වී තිබේ.

(Lanka Leads)