Friday, September 04, 2026
Follow Us
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

“එයාර් බස්” ගනුදෙනුවට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.
 
ඒ අනුව අල්ලස් කොමිසම වෙත පැමිණ එහිදී පැය කිහිපයක ප්රකාශයක් ලබා දීමෙන් අනතුරුව, නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.