යාපනය ශ්රී නාග විහාර ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය වෙත අද (16) පස්වරුවේ ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්රධාන සංඝනායක, ශාස්ත්රවේදී අතිපූජ්ය මීගහජඳුරේ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමගද සුහද කතා බහක නිරත විය.