ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) සහ අනිද්දා (16) මන්නාරමේ සහ යාපනයේ පැවැත්වෙන වැඩසටහන් රැසක් සඳහා සහභාගි වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
හෙට (15) ප.ව 2.00ට යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්රිඩා පිටියේ පැවැත්වෙන උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වන ජනාධිපතිවරයා සංචාරක ප්රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී සංවිධානය කර තිබෙන තෛපොංගල් උත්සවය සඳහාද සහභාගි වීමට නියමිතය.
යුද්ධය නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල තවමත් නිවාස අහිමිව සිටින පවුල් 2500ක් ඇතුළුව ‘තමන්ගේම තැනක් - ලස්සන ජිවිතයක්’ තේමාව යටතේ රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් 16 දා පෙ.ව 9.00ට යාපනය චාවකච්චේරිය වීරසිංහම් ප්රාථමික විදුහල් ක්රීඩාංගණයේදී පැවැත් වේ.
එමෙන්ම, විෂ මත්ද්රව්ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන යාපනය තාක්ෂණ විද්යාලයීය ක්රීඩා පිටියේදී 16 වනදා පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.