2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේ අරමුණ විය. එහිදී, ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත අග්‍රාමාත්‍යවරිය විසින් සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානය ප්රදානය කෙරිණි.
මෙහි දී සම්මානයට පාත්‍ර වූ පද්ම ශ්‍රී කොඩිකාර, දිනේශ් ප්‍රියසාද්, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවන් වෙත සම්මාන ප්රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.
මෙම උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍යවරිය සමඟ සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැසක් එක් වූහ.