පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි.
රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමෙන් පසු රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
Ven. Athuraliye Rathana Thera launched a hunger strike in front of Sri Dalada Maligawa this morning calling for the removal of Minister Rishad Bathiudeen, Eastern Province Governor M.L.A.M. Hizbullah and Western Province Governor Azath Salley from their posts.
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉම්පොර්ටඩ් බඩු ඉදිරිපත් කිරීමට ඉඩක් නොදෙන බව පසුගියදා ස්වාධීන රූපවාහිනියේ "සංවාදය" වැඩසටහනේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කළේය.
රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාව සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා කැඳවන ලෙසට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත.
තමන් හදවතට එකඟව රට වෙනුවෙන් සේවය කරන බවත් එය ජනතාවට තේරෙනවිට තවත් කලක් යා හැකි බවත් තමන්ට ඉටු කිරීමට නොහැකි වුණු සේවාව තම පුතු වන චතුර සේනාරත්න මහතා ඉදිරියට කරගෙන යනු ඇතැයි තමන්ට විශ්වාස බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ලවී ඇති චෝදනා විභාග කිරීමට පොලීසියට හා රාජ්‍ය බුද්ධි අංශවලට ඉඩ ලබාදී ඔහු එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික හෙළඋරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාට සහාය පළ කළ සුළු පක්ෂ රැසක සහාය එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීම සඳහා වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය.
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති සිරිසේන අද (31) පවසා ඇති බව වාර්තා වෙයි.
පටු දේශපාලන වුවමනාවන් ඉටු කරගැනීමට බුද්ධි අංශ ඔත්තුකරුවන්ගේ නම් ලැයිස්තු ඉල්ලීම සම්පූර්ණයෙන් වැරදි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අසාද් සාලි, එම්. ඒ. එල්. එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට බලකරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය අද දෙවන දිනටත් කි‍්‍රයාත්මක වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවක් ලබන මස 11 වනදා විභාගයට ගැනීම වලක්වා ලන තහනම් නියෝගයක් කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇත්තේ රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව මතයි.
කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ පැමිණීමත් සමඟ කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථායෙන් ඉවත්ව ගිය බව අද දෙරණ නාර්තාකරු පවසයි.
වෛද්‍ය සාෆි මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතාට හිමිවීමට නියමිත රුපියල් මිලියන 500 ක වන්දි මුදල මෙරට ඉතිහාසයේ අපහාස නඩුවක වන්දියක් ලෙස ගෙවීමට නියෝග කළ විශාලතම වන්දි මුදල ලෙස සැලෙකනවා.
මේ වන විට රට තවත් අනතුරකට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
Page 542 of 547