කල්දමා ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ හැකි බව ජාතික මැතිවරණ කොමිසම ඊයේ (03) අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේය. එහිදී සීමා නිර්ණ කටයුතු හෝ නව මැතිවරණ ක්‍රමය හෝ නොසලකා මැතිවරණය පැවැත්වීමට හැකි බව දැනුම් දී තිබේ.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday welcomed President Maithripala Sirisena’s statement made in India that the Presidential Election had been scheduled for 7 December, insisting Sirisena’s remarks assured that Presidential polls would be held on time.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත.
කැබිනට්, රාජ්‍ය හා නියොජ්‍ය අමාත්‍ය තනතුරුවලින් ඉවත්වීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා. අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් මේ බව ප්‍රකාශ කළේය.
සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ප්‍රමාණවත් නීති නොමැතිවීමෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාට සහාය පළ කළ සුළු පක්ෂ රැසක සහාය එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීම සඳහා වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය.
ජනතාවගේ පැමිණිලි භාර ගැනීමට ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් විපක්ෂ නායක කාර්යාලයේ අද (03) සිට ස්ථාපිත කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බව පවසයි.
එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සදහා මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යම් උත්සාහයක් දියත් වෙමින් ඇති නිසා එජාප අභ්‍යන්තරයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අසාද් සාලි, එම්. ඒ. එල්. එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට බලකරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය අද දෙවන දිනටත් කි‍්‍රයාත්මක වනවා.
Governers MLAM Hizbullah and Azath Salley hand over their resignation letters to the president short while a go.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය පක්ෂය මේ වනවිට අවසන් තීරණයක් ගෙන ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ බහුතර ජනතාවගේ මතය සිය පක්ෂයේ මතය වන බවයි.
වෛද්‍ය සාෆි මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.
පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි.
රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමෙන් පසු රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
ජනාධිපති සිරිසේන විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමකට අනූව නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ඊයේ (02) රාත්‍රියේ ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉම්පොර්ටඩ් බඩු ඉදිරිපත් කිරීමට ඉඩක් නොදෙන බව පසුගියදා ස්වාධීන රූපවාහිනියේ "සංවාදය" වැඩසටහනේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කළේය.
රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.
Page 536 of 542