Speaker Karu Jayasuriya has rejected claims he had sought a National List seat in Parliament through the United National Party (UNP) at the next Parliamentary election.
කාලයත් සමඟ වෙනස් වෙමින් ඉදිරියට යාමෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට කිසි දිනක බලය ලබාගත නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
නව ලංකා නිදහස් පෙරමුණ ලෙස නව පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි. නව පෙරමුණේ නායකයා ලෙස තමා කටයුතු කරන බව කී මන්ත‍්‍රීවරයා, එහි සභාපති හා ලේකම් ඇතුළු නිලධාරීන් හා ලකුණ ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බවද කීවේය.
It is reported that President Gotabaya Rajapaksa has decided to dissolve the Parliament on 2nd March.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන සමයේදී රාජපක්ෂලාට එල්ල කළ චෝදනා අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම රාජපක්ෂලාට ද කිසිදු ලැජ්ජාවක් නොමැති බව මේ වනවිට තහවුරු වී ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. අද (21) ජවිපෙ මූලස්ථානයේ පැවති මාද්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
The UNP yesterday defended their decision not to support the amendment to increase expenditure stipulated in the vote on account and to increase debt ceiling saying the country would have gone into a deep economic crisis if it was approved in Parliament.
වත්මන් පාර්ලිමේන්තුව තවත් දින නවයකින් ඈවර කරදමනු ඇති අතර නවය සමහරුන්ට නපුරු විය හැකි බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21) අනතුරු හඟවා සිටියේය.
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ කුමන දිස්ත්‍රික්කයෙන්ද යන්න පිළිබඳව තමා තවමත් තීරණය කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිස්ත්‍රික්ක කිහිපයක එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බවත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලා සහ මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම් ද සලකා බලා මැතිවරණයට තරග කරන දිස්ත්‍රික්කය පිළිබඳව තීරණය කරන බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.
2009 වසරේ යුද්ධය අවසන් වී දින කිහිපයක් ඇතුළත, එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා සමග එවක පැවති රජය අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශය හරහා ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව පියවර ගැනීමට පොරොන්දු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවෙහි සම්මත නොවුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව එම මුදල් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය හිමිවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී.
මේ වනවිට දේශපාලන පක්ෂ 05 කින්, එම පක්ෂවලට එකතු වන්නැයි තමන්ට ආරාධනා කර ඇති බවත්, එම ඇතැම් පක්ෂවල නායකත්වය ලබාදීමට වුවද ඔවුන් සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කෙසේ නමුත් තමන් ඒ පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් බිලියන ගණනාවක මුදලක් ලබාගැනීමට උත්සාහ කළේ මැතිවරණය වෙනුවෙන් වියදම් කිරීමටය යන්න ඒ පරිපූරක ඇස්තමේන්තුව හකුළා ගැනීමෙන්ම ඔප්පු වුණු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ජනතාවට සිදු වන අපහසුතාවලට විපක්ෂය වගකිව යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සභානයකවරයෙක් වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එළඹෙන මහ මැතිවරණයේදී තමන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොදුජන පෙරමුණේ නායකයින් පසුගිය 17 වැනි දින කඩිමුඩියේ එක් දිනක් ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නමින් දේශපාලන සන්ධානයක් හැදුවත් ඡන්දය ඉල්ලන්නේ පොදු ජන පෙරමුණ පක්ෂයෙන් බව ඉරිදා දිවයින පුවත්පතේ මාධ්‍යෙවේදී අනුර බාලසුරිය සහ අරුණ බෝගහවත්ත වාර්තා කරයි.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව එතෙක් පැවති ඩීල් දේශපාලනය අවසන් වූ බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී දැකගන්නට ලැබුණේ එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව විසින් සංචාරක තහනමක් පැනවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි අතරම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ද සද්භාවයෙන් නොවන බවත් ආණ්ඩුව මෙයින් හුදු දේශපාලන වාසියක් පමණක් අත්පත් කරගැනීමට උත්සාහ දරමින් සිටින බවත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Page 422 of 554