ප්‍රකශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.
සමගි ජනබලවේගය පක්ෂය සමඟ අනෙකුත් පක්ෂ සන්ධානගත වී සිටින නිසා එම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර සන්ධානයක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් තනි නායකයෙකු වෙනුවට නායකත්ව මණ්ඩලයක් පත් කරන ලෙසත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂයේ ලේකම් නිසාම් කාරිප්පර් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද තමා සතු බවත් බිංදුවට වැටී තිබෙන පක්ෂය යළි ගොඩගැනීමට තමන්ට හැකි බවත් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් හමුවේ අද (31) පැවසුවේය.
සෞදි අරාබි අන්තවාදී බලවේගවලට තවදුරටත් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා යොදා ගැනීමට නොහැකි වී ඇති තත්වයක් යටතේ ඔවුන් ආණ්ඩුවට ලංවීම සඳහා සූක්ෂම උපායන් තෝරමින් සිටින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (02 දා) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බව පැවසීමට නීතිපතිවරයා කිසිදු බලයක් නොමැති බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසනවා. ඔහුගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවයි ඇමතිවරයා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
ඉඩම් සහ පොලිස් බලතල අඩංගු 13 සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයීනා ටෙප්ලිස් මහත්මියගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.
බොහෝ රටවල ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් රාජ්‍ය පාලන ක්‍රියාදාමයට සම්බන්ධකර නොගන්නා බව විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
හෙටට (02) යෙදී ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට එහි වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
Former Prime Minister Ranil Wickremesinghe arrived at the Police Unit of the Presidential Commission of Inquiry (PCoI) probing Easter Sunday attacks to provide a statement with regard to coordinated terror attacks which occurred on April 21, 2019.
දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගල්, වැලි සහ පස් බලපත‍්‍ර ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
පළාත් සභා යනු මෙරට ජනතාව අතර පදම් වූ සංවිධානයක් බැවින් ඒවා නිකම්ම ගලවා විසි කිරීමට නොහැකි බවත් පළාත් සභා සම්බන්ධ කාරණයේදී ඉතාම ප්‍රවේශමින් කටයුතු කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
විදුලි මාෆියාව ක්‍රියාත්මක වන්නේ විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල අමාත්‍යාංශයේ නොව දියවන්නාව මධ්‍යයේ සිට බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පළාත් සභා අහෝසි කළ යුතු යැයි පළාත් සභා රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කර ඇති ප‍්‍රකාශයට එරෙහිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන් වෙත පැමිණිලි කර ඇත.
Two UNP affiliated organisations called for former Speaker Karu Jayasuriya to be appointed as the new leader of the party, and they said it would not be advisable to appoint a young leader for it in a crisis situation.
The Election Commission (EC) has proposed to impose a deposit for political party candidates as well as to increase the current deposit for independent groups.
Page 355 of 552