2020 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීම සදහා නිර්දේශ වී ඇති පුද්ගලයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා පරීක්ෂා කර බැලිය හැකි බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි.
චම්පික රණවක විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඔහු එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වෙයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට සමගි ජනබලවේගය සමග එක්වන්නැයි එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කබීර් හෂීම් ආරාධනා කළා. මාවනැල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැතැයි, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.
The United National Party (UNP) yesterday raised concerns over the ongoing tour by Ukrainian tourists, warning it could endanger public health and faulted the Government for allowing tourists into the country without a comprehensive framework.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රටේ වත්මන් තත්වය පිළිබඳව පුරෝකථනය කරමින් පවසා සිටින්නේ එළැඹුණු 2021 නව වසර මිනිසුන්ගේ ජීවිත ගැන විශ්වාසයක් නැති අවුරුද්දක් බවයි.
ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි.
Opposition Leader Sajith Premadasa yesterday welcomed moves by the Government to issue sanitary napkins to schoolgirls free-of-charge.
පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුවේ බලාපොරොත්තුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් නියත වශයෙන්ම ආණ්ඩුව පරාද වන බව සමීක්ෂණ දෙකකින්ම තහවුරු වී ඇති බැවින් ආණ්ඩුව හැකිතරම් මැතිවරණය කල් දැමීමට සූධානම් වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් කමිටුවක් පත් කල බවට, පසුගිය දෙසැම්බර් මස 30 වනදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ළිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මාධ්‍යට පවසා තිබූ අතර එම කමිටු සාමාජිකයින්; දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී රැස්වී තිබේ.
Ven. Athuraliye Rathana Thero will be sworn in as a Member of Parliament today to fill the National List seat of the Our People Party (APP).
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මේ මාසය තුළ අනිවාර්යයෙන්ම අයෙකු නම් කරන බවත් ඇතැම් විට ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාම වීමටත් හැකි බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් දිනක් තුළ සංශෝධනයට ඉදිරිපත් කරණු ලබන වැඩිම පණත් ගණන හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. එහිදී අප වෙත වැඩිදුරටත් වාර්තා වන්නේ සමාජයේ පැවැත්මට අතිශය තීරණාත්මක පනත් වන සාක්ෂි ආඥා පනත, ඇප පනත, දණ්ඩ නීති සංග්‍රහය,කාර්යාල සහ සාප්පු පනත,කර්මාන්ත ශාලා පනත,ළමුන් සේවයේ යෙදවීමේ පනත,අවම වැටුප් පනත ආදී වශයෙන් පනත් වූ 8 ක් මෙසේ සංශෝධනයට මෙසේ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
1933 පෙබරවාරි 5 වන දා ත්‍රිකුනාමල්යේ දී උපත ලද සම්බන්ධන් මහතා මේ වන විට 87 වන වියේ පසුවෙයි.
ආණ්ඩු පක්ෂ කන්ඩායම් රැස්විම ඊයේ (04) දින සවස අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී විදේශීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීම ගැන සාකච්ඡා කර තිබේ.
එල්ටීටීඊ සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලූ දෙමළ දේශපාලන සිරකරුවන්ද පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසීය.
නව වසරේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දී මහ ලේකම් ධුරය පමණක් වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
Page 321 of 552