Thursday, February 19, 2026
Follow Us
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අගමැතිගෙන් කැඳවීමක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව ලබන සඳුදා පෙරවරු 10.00ට විශේෂ සාකච්ජාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව රජයේ ඉහළ පෙල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ කිහිපයක්ම ඉල්ලීම් සිදුකර ඇති පසුබිමක් තුලයි.

ඊයේ (29) දිනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී ද පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි එම පක්ෂ විසින් සිදුකළ ඉල්ලීම සම්බධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජාවට බඳුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)