Sunday, June 21, 2026
Follow Us
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අත්අඩංගුවට

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා රියාද් බදියුදීන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.

(Neth)