Thursday, April 23, 2026
Follow Us
පොහොට්ටුවද? අතද? තීන්දුවක් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතය.

ඒ, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්යෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරි මහ මැතිවරණය පිළිබඳ ගැඹුරින් සාකච්ඡාවට ලක් කර තීරණවලට එළඹීමට නියමිත බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ ය.

(Lanka Leads)