Thursday, April 23, 2026
Follow Us
මැතිවරණ ගැන තීන්දු ගන්න ශ්‍රීලනිප කාරක සභාව 12දා රැස්වෙයි

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා (12 වැනිදා) පැවැත්වීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු යොදා ඇත.

පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක්ද හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වෙයි.

(Lanka Leads)